AFC Banner
AFC Banner
Empty Ad

වැවකින් මළ සිරුරක් හමුවෙයි

දියේ ගිලීමෙන් මිය ගිය බවට සැක කෙරෙන පුද්ගලයකුගේ මළ සිරුරක් කැකිරාව මුඩුපෙරුමාගම වැවෙන් සොයා ගෙන තිබෙනවා.

කැකිරාව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් අනුව අද (25) දහවල් සිදු කළ සෝදිසියකදී යි එම මළ සිරුර සොයගෙන ඇත්තේ.

දියේ ගිලිමකින් එම මරණය සිදුව ඇති බවට පොලිසිය සැක කරනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ එප්පාවල ඇඳගල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 36ක පුද්ගලක්.

ඔහු වෘත්තියෙන් රියදුරකු ලෙස කටයුතු කර ඇති බව ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර අද පස්වරුවේ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?