වැලිගම ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ හතක් අත්අඩංගුවට

වැලිගම, පැලෑන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම පොලිසිය විසින් ඊයේ (23) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මුහුණු පොත හරහා සංවිධානය කර ඇති මෙම සාදයේ දී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් මාතර, ගාල්ල, දෙයියන්දර, කඔුරුපිටිය, කඹුරුගමුව සහ කොටවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබි කේරළ ගංජා, හෙරොයින්, හෂිස් ආදී මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?