වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට බැණ තර්ජනය කොට රාජකාරියට බාධා සිදුකළේ යැයි කියන සිද්ධියක් මූලික කර
ගනිමින් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් අද (07) පෙරවරුවේ සිට සිය රාජකාරී කටයුතුවලින් බැහැරව තිබෙනවා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම වත්මන් ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් විසින් අවස්ථා කිහිපයකදී ප්‍රාදේශීය සභාවට පැමිණ ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දිමා.පී.හෙට්ටිවත්තහට බැණ තර්ජනය කර ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව එම සිද්ධියට විරෝධය දැක්වීමක් ලෙස සහ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ බලධාරීන් දැනුවත් කිරීම සඳහා වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ඇතුළු නිලධාරීන් පළාත් පාලන සහකාර කොමසාරිස් හමුවීම සඳහා අද (07) මාතර ප්‍රදේශයට ගොස් ඇති බවද වාර්තා වනවා.
අදාළ නිලධාරින් ප්‍රාදේශීය සභාවේ නොසිටීම හේතුවෙන් දෛනික රාජකාරී කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා.




