වැලිගම වෙඩි තැබීමේ සිද්ධියේ අධිකරණයට භාර වූ සැකකරුවන් 06 දෙනාට ඇප

වැලිගම, පැලෑන් W15 හෝටලය අසල දී පසුගිය 2023-12-31 වනදා සිදු වූ වෙඩි තැබිම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවන් ලෙස නම්කර ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් හයදෙනා ඇපමත මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (21) නියෝග කළා.

ඒ, අනුව අද (21) පෙරවරුවේ සිය නීතිඥවරුන් මාර්ගයන් අධිකරණයට භාර වූ එම සැකකරුවන් හයදෙනා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරිර ඇප මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉදිරි විමර්ශනවලට සහාය දෙන ලෙසට ද සැකකරුවන්ට නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?