වැලිගම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශයේ රියදුරෙක්ට කිසියම් පුද්ගලයෙක් විසින් මිරිස්ස ප්‍රදේශයේදී සිදුකළ පහරදීමක් නිසා ඔහු වැලිගම, වලාන රෝහලේ ප්‍රතිකාර ලබන පොලිසිය පවසනවා.
ඔහු සහ සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු තවත් කීප දෙනෙක් සමඟ (07) දින පස්වරුවේ දී වැලිගම මිරිස්ස ප්‍රදේශයේ කැලි කසල එකතු කිරීමේ කටයුතුවල යෙදී සිට ඇති අතර එහිදි පුද්ගලයෙක් විසින් ගසක අතු රැගෙන යන ලෙස ඉල්ලා සිට තිබෙනවා.
එය වෙනම රැගෙන යන බව පවසා සිටියදී එම පුද්ගලයා විසින් ප්‍රාදේශීය සභාවේ රියදුරුට අතින් සහ ගල් වලින් පහර දුන් බවට එම රියදුරු විසින් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
3
+1
+1





