සිරකුටියට බෝ අත්ත කඩා වැටීමෙන් මියගිය රැඳවියාගේ මළගෙදර ගිය පස්දෙනෙකුට වෙඩි – එක් අයෙකු මරුට (වීඩියෝ)

වැලිගම – කප්පරතොට ප්‍රදේශයේ පුද්ගලයින් 05 දෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

අද (04) අලුයම 01ට පමණ නාඳුනන තුවක්කුකරුවන් පැමිණ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකුට වල්ලිවෙල මාර්ගයේ දී වෙඩි තබා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදි තුනකින් මෙම වෙඩික්කරුවන් පැමිණ තිබෙනවා.

මෙම පුද්ගලයින් පස්දෙනාගෙන් දෙදෙනකුට පමණක් වෙඩි වැදී ඇති බවත් ඉන් එක් අයෙකු මරුමුවට පත් ව ඇති බවත් වැලිගම පොලිසිය පැවසුවා.

තුවාල ලැබූ පුද්ගලයා වැලිගම – වලාන රෝහල වෙත රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇත්තේ තත්ත්වය බරපතළ වූ බැවින්.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්‍රදේශයේ පදිංචි ව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, තුවාල ලැබූ පුද්ගලයා ද එම ප්‍රදේශයේ ම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

කෙසේවෙතත් මෙම මියගිය තරුණයා සහ සෙසු පිරිස ජනවාරි පළමු දින මාතර බන්ධනාගාරයේ සිර මැදිරියකට බෝ අත්තක් කඩා වැටීමෙන් මියගිය රැඳවූවාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදියි අදාළ වෙඩි තැබීමට ගොදුරු වී ඇත්තේ.

T56 වර්ගයේ ගිනි අවියක් වෙඩි තැබීමට යොදාගෙන තිබෙන බවත් රිවෝල්වර වර්ගයේ ජීව උණ්ඩ දෙකක් ද හමු වී ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙම වෙඩි තැබීමට හේතුව සම්බන්ධයෙන් තොරතුරක් මෙතෙක් අනාවරණය නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
0
+1
3
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?