AFC Banner
Empty Ad
Empty Ad

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය කාන්තාව ගැන අනාවරණයක්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය බව කියන රාජකුමාරි නමැති ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන මස 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය අද කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ යි.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා ඇතුළු නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබාදුන් මහේන්ද්‍රන් සුරේෂ් නැමැත්තෙකු කියා සිටියේ වැලිකඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් මියගිය රාජකුමාරි නමැත්තියට පහර දෙනු තමන් දුටු බවයි.

දිනක් තමා පිටකොටුව ප්‍රධාන බස් නැවතුම අසල සිටි අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ තමන්ට මාංචු දමා වාහනයකට නංවා බොරැල්ල කොටා පාරේ පිහිටි රාජකුමාරි සේවය කළ නිවසට රැගෙන ගිය බව සාක්ෂිකරු පැවසුවා.

පසුව රාජකුමාරි නමත්තිය ද කැඳවාගෙන ආ පොලිසිය තම අතේ තිබූ මාංචුවේ අනිත් කොන ඇයගේ අතට දැමූ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කර තිබෙනවා.

මෙලෙස රැගෙන යන අවස්ථාවේ ඇයට කිසිදු අසනීපයක් නොතිබූ බවත් ඇය හොඳින් පා ගමනින් පැමිණි බවත් සාක්ෂිකරු සඳහන් කළා.

වාහනයෙන් රැගෙන යන අවස්ථාවේදී “ඔයා නේද මුද්දයි, සෙන්ට් බෝතලයයි, සපත්තු කුට්ටමයි හොරකම් කළේ” යනුවෙන් වාහනය තුළ සිටි පොලිස් නිලධාරියෙකු රාජකුමාරිට පැවසූ බවත් සාක්ෂිකරු හෙළි කර තිබෙනවා.

වැලිකඩ පොලිසියට තමන් සහ රාජකුමාරි රැගෙන ආ බවත් එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තමන්ටත් රාජ කුමාරිටත් පහර දුන් බවත් සඳහන් කළ සාක්ෂිකරු ඒ අතරින් එක් පොලිස් නිලධාරියකු “තට්ටය” සහිත පුද්ගලයෙකු වන අතර අනෙක් නිලධාරියා කෙට්ටු උස පුද්ගලයකු බව ද සාක්ෂිකරු ප්‍රකාශ කළා.

කෙට්ටු උස නිලධාරියකු රබර් බටයකින් මියගොස් සිටින රාජකුමාරිට පහර දෙනු තමන් දුටු බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියා.

පසුව “සුධර්මා මැඩම්” පැමිණි බවත් පහර නොදෙන ලෙස ඇය ඉල්ලා සිටි අතර ප්‍රශ්නය විසඳලා දෙන ලෙස ඇය ඉල්ලා සිටි බවත් සාක්ෂිකරු වැඩිදුර සාක්ෂි දෙමින් සඳහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නඩු විභාගය ලබන 26 වනදා දක්වා කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?