Empty Ad
AFC Banner
Empty Ad

වැල්ලවීදිය තරුණියගේ පෙම්වතා සියල්ල වමාරයි

14 වියැති බාලවයස්කාර ශිෂ්‍යාවක් මුහුණුපොත මගින් හඳුනාගෙන වසර 10 ක් පුරා ඇය දූෂණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සංචාරක හෝටල් සහ ට්‍රෝලර් යාත්‍රා හිමි 50 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය එම සැකකරු ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයනාත් මහතා විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර ව්‍යාපාරිකයා වූයේ මීගමුව කුඩාපාඩුව පදිංචි කෝටිපති සිවුදරු පියෙක් බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධිය අනාවරණය වූයේ මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක් ගෙල වැලලාගෙන දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ඇඳ සිටි තිසරපටය තුළ සඟවා තිබූ ලිපියක් එහිදී හමුවී තිබෙනවා.

එම ලිපියේ මියගිය තරුණිය සඳහන් කර ඇත්තේ මෙහි සැකකරු සමග වසර ගණනාවක් ප්‍රේම සබඳතාවක් මෙන්ම කායික සබඳතා පැවැත්වූ බවත් එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පෙම්වතා විසින් තර්ජනය කිරීම නිසා තමාට දිවි එපා වූ බවයි සඳහන් කර ඇත්තේ. තමා සමග ප්‍රේම සබඳතා සහ කායික සබඳතා පැවැත්වූ සැකකරුගේ නම ඇය තම ලිපියේ සඳහන් කර තිබෙනවා. එම ලිපිය නිසා එම මරණය දිවි හානි කර ගැනීමක් බවට ප්‍රකාශ කිරීම අත්හිටවූවා.

මෙම තරුණිය වයස අවුරුදු 14 ක බාලවයස්කාරියක්ව සිටියදී මෙම දුෂණය  ආරම්භ වී ඇති හේතුවෙන් එහි විමර්ශන කටයුතු මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයනාත් මහතාට භාර වී තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ දිවි හානි කරගත් තරුණිය අවුරුදු 14 සිට තමා හඳුනන බවත් ඇය සමග කිට්ටුවෙන් ඇසුරු කළත් ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක් හෝ කායික සම්බන්ධයක් නොපැවැත්වූ බවත් අඩුම තරමින් ඇයගේ අතින්වත් තමා අල්ලා නැති බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

එම තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තරුණිය දිගු කලක පටන් ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.  සැකකරු සිවුදරු පියකු වන අතර ඔහුගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 21 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවේරියෙත් වෙ# පත්තු වෙයි
02:30
Video thumbnail
බන්ධනාගාර අධිකාරවරයාගේ ඝා#නය සිදුවූ ස්ථානය ගාල්ල මහෙස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අයුරු
02:25
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
00:46
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
02:34
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අල්ලපු සැකකරු ඇත්තටම වැරදිකරුද ? මොළේ කචල් වෙන හෙළිදරව්ව මෙන්න
14:34
Video thumbnail
රනිල්ට හිරේ කූරූ ගණන් කරන්න වෙයිද ?
06:22
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
01:00
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
06:17
Video thumbnail
අද හවස ඇමති වසන්ත කොළඹ පීරයි
04:48
Video thumbnail
ගාල්ල වෙ# තැබීමේ සජීවී දර්ශන
01:00

?