හිටපු බන්ධනාගාර අධිකාරිගේ ඝාතකයින් පැමිණි යතුරුපැදි 02ක් හමුවේ – මහේස්ත්‍රාත් පරීක්ෂණයත් රාත්‍රියේම

ගාල්ල – අක්මීමන ඉහළගොඩ, තලගහ ප්‍රදේශයේ දී වෙඩි තබා හිටපු බන්ධනාගාර අධිකාරවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදි දෙක සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව අපරාධකරුවන් පැළඳසිටි බවට සැකකෙරෙන හෙල්මට් තුනක් ද සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

ගාල්ල, යක්කලමුල්ල පොලිස් බල ප්‍රදේශයේ කටුපොල් වත්තක දමාගොස් තිබිය දී ඊයේ (13) රාත්‍රී කාලයේ මෙම යතුරුපැදි දෙක සහ හෙල්මට් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

යක්කලමුල්ල සහ වදුරඹ යන පොලිස් ස්ථාන එක්ව පොලිස් නිල සුනඛයින්ගේ සහාය ද ඇතිව සිදුකළ මෙහෙයුමක දී මේවා සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර හිටපු බන්ධනාගාර අධිකාරවරයාට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ස්ථානීය පරීක්ෂණය ඊයේ (14) රාත්‍රියේ සිදුකර තිබෙනවා.

ගාල්ල මහේස්ත්‍රාත්වරිය විසින් මෙම පරීක්ෂාව සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් නිල ඇඳුමෙන් වීඩියෝස් කරපු නිලධාරියා හදිසියේම කළ සංවේදී කතාව...
02:21
Video thumbnail
සුන්දර ඇල්ල නගරය තවත් ලස්සන කළ කොල්ලෝ කෙල්ලෝ
02:28
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරමින් අවසන් ගෞරව දැක්වූ හිටපු මාධ්‍ය ප්‍රකාශක...
00:32
Video thumbnail
හැරගිය මිතුරා වෙනුවෙන් සංවේදී වුණු අර්ජුන රණතුංග..
00:29
Video thumbnail
හිටපු පොලිස්පතිට සමුදෙන්න ආ පොළොන්නරුව SSP සංවේදී වෙයි
01:11
Video thumbnail
අපේ ආණ්ඩුව ලෝකෙටම උදාහරණයක් - උතුම් විදිහට වැඩ කරන්නේ
13:57
Video thumbnail
නාමල් ජනාධිපති වෙන එක කාටත් නවත්වන්න බෑ
08:06
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19