වැල්ලවීදිය තරුණියගේ පෙම්වතා සියල්ල වමාරයි

14 වියැති බාලවයස්කාර ශිෂ්‍යාවක් මුහුණුපොත මගින් හඳුනාගෙන වසර 10 ක් පුරා ඇය දූෂණය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් සංචාරක හෝටල් සහ ට්‍රෝලර් යාත්‍රා හිමි 50 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය එම සැකකරු ලබන 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයනාත් මහතා විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකාර ව්‍යාපාරිකයා වූයේ මීගමුව කුඩාපාඩුව පදිංචි කෝටිපති සිවුදරු පියෙක් බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධිය අනාවරණය වූයේ මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණියක් ගෙල වැලලාගෙන දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ඇඳ සිටි තිසරපටය තුළ සඟවා තිබූ ලිපියක් එහිදී හමුවී තිබෙනවා.

එම ලිපියේ මියගිය තරුණිය සඳහන් කර ඇත්තේ මෙහි සැකකරු සමග වසර ගණනාවක් ප්‍රේම සබඳතාවක් මෙන්ම කායික සබඳතා පැවැත්වූ බවත් එම දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පෙම්වතා විසින් තර්ජනය කිරීම නිසා තමාට දිවි එපා වූ බවයි සඳහන් කර ඇත්තේ. තමා සමග ප්‍රේම සබඳතා සහ කායික සබඳතා පැවැත්වූ සැකකරුගේ නම ඇය තම ලිපියේ සඳහන් කර තිබෙනවා. එම ලිපිය නිසා එම මරණය දිවි හානි කර ගැනීමක් බවට ප්‍රකාශ කිරීම අත්හිටවූවා.

මෙම තරුණිය වයස අවුරුදු 14 ක බාලවයස්කාරියක්ව සිටියදී මෙම දුෂණය  ආරම්භ වී ඇති හේතුවෙන් එහි විමර්ශන කටයුතු මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ. එම්. එස්. ජයනාත් මහතාට භාර වී තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ දිවි හානි කරගත් තරුණිය අවුරුදු 14 සිට තමා හඳුනන බවත් ඇය සමග කිට්ටුවෙන් ඇසුරු කළත් ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක් හෝ කායික සම්බන්ධයක් නොපැවැත්වූ බවත් අඩුම තරමින් ඇයගේ අතින්වත් තමා අල්ලා නැති බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

එම තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී තරුණිය දිගු කලක පටන් ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.  සැකකරු සිවුදරු පියකු වන අතර ඔහුගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 21 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09