වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ ගන්නේ නැහැ – ජනපති අවධාරණය කරයි

පවතින නීති රීතිවලට අනුව මිස සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව ඒ මත තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන අතර, රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ඉවත් කළ යුතු බව වෘත්තිය සමිති පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (15) කොළඹ ට්‍රේස් සිටි හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සභාපති රංජිත් ජී. රූබසිංහ මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,….

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. ඒ වගේම සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ඉවත් කරන ලෙස වෘත්තිය සමිති පවසනවා. මට අසන්නට තිබෙන එකම ප්‍රශ්නය වන්නේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඉවත් කරන්න කියන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, සාමාන්‍යාධිකාරී ඉවත් කරන්න අවශ්‍යයි කියන අයගේ මට්ටමට පැමිණ තිබෙනවා ද කියන කාරණයයි.

සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ආණ්ඩුවේ කටයුත්තක්. නමුත් විරෝධතා දියත් කළ පමණින් ආණ්ඩුව ඔහුව ඉවත් කරන්නේ නැහැ. ඔහුගේ යම් බරපතළ අඩුපාඩුවක් තිබෙන බව ඔවුන් සිතන්නේ නම් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබෙනවා. උපකුලපතිවරුන් සම්බන්ධයෙනුත් එම තත්ත්වය එලෙසම බව සඳහන් කළයුතුයි.

සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක වේවා වැඩ වර්ජන කළ පමණින් මේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ.

අපි නීති රීති අනුව ක්‍රියා කරනවා. නැතිනම් ඊළඟ වතාවේ පීඨාධිපතිවරුන් සහ ඉන් පසුව දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඉවත් කිරීමට ඔවුන්ට අවශ්‍ය වේවි. අනතුරුව ඔවුන් කියයි අපේ කැමැත්ත නැතිව ඔබට මහාචාර්යවරයෙක් පත් කරන්න බැහැ කියලා.

විශ්වවිද්‍යාලවල ඇතිවීමට යන මෙම තත්ත්වය පිළිබඳ අපි ගැඹුරින් සිතා බැලිය යුතුයි. සිදුවන්නේ කුමක්ද කියා නිවැරදිව දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ විශ්වවිදයාල සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ රටේ ජනතාවගේ මුදල්වලින් නිසා. එබැවින් විශ්වවිද්‍යාල පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතුයි. රුහුණු විශ්ව විද්‍යාලය තුළ මෙවන් තත්ත්වයක් ඇතිවීම පිළිබඳව මම කණගාටු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂන් මාධ්‍ය හමුවෙදිම ගත්ත ඇමතුමෙන් DIGගේ පැටිකිරිය හෙළිවෙයි?බලය නැතිදාට ලෙල්ල නැති කෙහෙල් ගෙඩි
09:16
Video thumbnail
හදවත් සැත්කම් නතර වීමෙන් රෝගී ජීවිත අනතුරේ
05:46
Video thumbnail
දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් සජබයේ චන්න විකුම් දිවුරුම් දෙයි
03:34
Video thumbnail
රාජපක්ෂ ලෙවල් එකට දිසානායක වැටිලා..අල්ලස් කොමිසම Fail..ඩෝබි බලකාය චූන් කරන වැඩක් මේ කරන්නේ..
08:16
Video thumbnail
මෙන්න කාළගුණයේ උඩු යටිකුරු වෙන වෙනස..සුළු වැස්සකටත් පස් කඳු කඩා වැටීමේ අවදානමක්..!
08:00
Video thumbnail
රඹුක්කන - නුවර දුම්‍ රිය මාර්ගයේ සිදුවූ හානිය ඉතා බරපතළයි..මේ අභියෝගය අපි කොහොමහරි ජයගන්න ඕනි
13:32
Video thumbnail
මහ වාරි ජලාශ මේ වනවිට 31ක් වාන් දාලා..සාමාන්‍ය ධාරිතාවය ජලාශවල 80%ක් පමණ ජලය පි‍රිලා පවතිනවා
08:44
Video thumbnail
අසේල ප්‍රසිද්ධියේම ලීක්කළ රහසිගත පින්තූරය..නත්තල් පප්පා වගේ ගණන් කියලා දැන් ජිම් පප්පාවෙලා තියෙන්නේ
06:26
Video thumbnail
බලන දුම්රිය ස්ථානය අසල, දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම කැඩී යයි.."දිට්වා" සුළි කුණාටුව කළ විපතක තරම..
00:58
Video thumbnail
රජයේ ඇමතිලාගේ Photoshoot දැන් නවත්තපල්ලා..මිල වැඩි කරනවනම් ඇයි වෙළෙඳ අමාත්‍යංශයක් වහලා දාන්න
08:16


?