Empty Ad
AFC Banner
Empty Ad

වැඩිහිටි කාන්තාවකගේ ඇසුරට මුදල් සොයන්න කෙසෙල් කැන් කැපු පාසැල් සිසුන්

වැඩිහිටි කාන්තාවන්ගේ ඇසුරට ලොල් වූ පාසල් සිසුන් දෙදෙනකු ඒ සඳහා මුදල් සොයා ගැනීමට ගම්පොළ උලපනේ ප‍්‍රදේශයෙන් කෙසෙල් කැන් 30 ක් හොරට කපා විකුණා තිබියදී ගම්පොළ පොලිසිය මගින් එම සිසුන්  ගම්පොළ දිසා විනිසුරු ශ‍්‍රීනිත් විජේසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමේදී එක් අයකුට රුපියල් දස දහස බැගින් ශරීර ඇප සමග දැඩි ඇප කොන්දේසි ඉදිරිපත් කරනු ලැබීය.

උලපනේ පහේ කල්ලිය නමින් හඳුන්වා ඇති මෙම සිසු කණ්ඩායම ගම්පොළ නගරයේ ප‍්‍රසිද්ධ ජාතික පාසලක 11 වසර පන්තියේ ඉගෙනුම ලැබූවන් බව පොලිසිය පවසයි.

මොවුන් තදින්ම මත් පෙතිවලට හුරු වී ඇති බවද මත් පෙති භාවිතයෙන් පසු වැඩිහිටි කාන්තාවන්ගේ ඇසුරට යෑම පිළිබඳවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ගම්පොළ ඇත්ගාල ප‍්‍රදේශයේ සිටින මෙම කාන්තාවන් සොයා බාලවයස්කරුවෝ වරදට පොළඹවා ගැනීම පිළිබඳව නීතිමය කටයුතු කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.

මෙම සිසුන් හොරට කැපූ කෙසෙල් කැන් අතර රුවන්වැලි සෑයේ කිරි ආහාර පූජාව වෙනුවෙන් වෙන් කොට තිබූ කෙසෙල් කැනක්ද තිබූ බව අයිතිකරුවන් පොලිසියට පවසා තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>