වැඩිම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමති

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 78 වන අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමට ඇත්තේ, තවත් දින කිහිපයක් පමණයි.

2024 වසරේ රාජ්‍ය ආදායම් සහ වියදම් ලේඛනය වන අයවැය යෝජනා ලබන 13 වන දා, එනම් ලබන සඳුදා දහවල් 12ට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඔහු ඉදිරිපත් කරන දෙවන අයවැය මෙයයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වූයේ, 1947 වසරේදී වන අතර එතැන් පටන් ශ්‍රී ලංකාවේ අයවැය යෝජනා 78ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා. ඊට අමතරව ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම් සංඛ්‍යාව 12ක්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු විසර්ජන පනත 1978 වසරේ ඉදිරිපත් කළ අතර, ‌එම වසරේ දෙසැම්බර් 27 වන දා සහතික කෙරුණා.

එය ඉදිරිපත් කරන ලද්දේ, එවකට මුදල් අමාත්‍ය ධූරය දැරූ රොනී ද මෙල් විසිනුයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා 77 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ, මුදල් අමාත්‍යවරුන් 16 දෙනෙකු විසින් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අමතරව, ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය ධූරය දැරූ අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා විසින් අයවැය ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

වැඩි ම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරුන් දෙදෙනෙක් වන අතර ඒ, රොනී ද මෙල් සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනායි. ඔවුන් දෙදෙනා ම අවස්ථා 11 බැගින් අයවැය ඉදිරිපත් කර තිබෙනවා.

රොනී ද මෙල් 1978 වසරේ සිට 1988 වසර දක්වා වසර 11කදී අඛණ්ඩව අයවැය යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ඒ, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේයි.

මහින්ද රාජපක්ෂ 2005 වසරේ සිට 2015 දක්වාත්, 2019 සිට 2021 දක්වාත් මුදල් අමාත්‍ය ධූරය දරා ඇති අතර, එම කාල සීමාවේදී 11 වරක් අයවැය යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී, 2015 වසර සඳහා වූ අයවැය යෝජනා ඉදිරිපත් කර අවසානයේ මහින්ද රාජපක්ෂ ඇසූ ප්‍රශ්නයක් පසුකාලීනව අතිශයින් ප්‍රසිද්ධියට පත්විය. එම ප්‍රශ්නය වූයේ, “කොහොම ද ගමේ බයියන්ගේ අයවැය?” යන්නයි. පසුකාලීනව, දේශපාලනික වශයෙන් “බයියා” යන වචනය විශාල වශයෙන් භාවිත වන්නට වුණා.

1993 වසර තෙක් මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා හෝ වරිය විසින් නොදැරූ අතර, 1993 වසරේදී ජනාධිපති ධූරයට පත්වූ ඩී.බී. විජේතුංග ඒ වන විටත් තමන් හෙබවූ මුදල් අමාත්‍ය ධූරය තමන් යටතේ ම තබා ගත්තා.

අනතුරුව 1994 වසරේදී බලයට පත් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ද මුදල් අමාත්‍ය ධූරය තමන් යටතේ තබා ගැනීමටයි කටයුතු කළේ.

එම කාලයේදී බොහෝ විට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා විසිනුයි.

පසුව, මහින්ද රාජපක්ෂ ද එම මග යමින් මුදල් අමාත්‍ය ධූරය දරමින් ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මේ වන විට මුදල් අමාත්‍ය ධූරය හොබවනවා.

1977 වසරේ ජනාධිපතිවරණයෙන් පසු බිහි වූ ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පළමු මුදල් අමාත්‍යවරයා වූයේ, රොනී ද මෙල් මහතායි.

එතැන් සිට, මුදල් අමාත්‍ය ධූරය දැරූ දේශපාලනඥයින්,

‍රොනී ද මෙල් (1977 – 1988)
එම්.එච්.එම්.එන්. මරික්කාර් (1988 – 1989)
ඩී.බී. විජේතුංග (1989 – 1994)
චන්ද්‍රිකා බණ්ඩාරනායක (1994 – 2001)
කේ.එන්. චොක්සි (2001 – 2004)
ආචාර්ය සරත් අමුණුගම (2004 – 2005)
මහින්ද රාජපක්ෂ (2005 – 2015 සහ 2019 – 2021)
රවී කරුණානායක (2015 – 2017)
මංගල සමරවීර (2017 – 2019)
බැසිල් රාජපක්ෂ (2021 – 2022)
අලි සබ්රි (2022 අප්‍රේල් – 2022 මැයි)
රනිල් වික්‍රමසිංහ (2022 -මේ දක්වා )

සඳුදා දහවල් 12ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම්වරිය ප්‍රකාශ කළේ. ‍එසේම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අඟහරුවාදා දා පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.

අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19ක් පැවැත්වීමට ද තීරණය වී තිබෙනවා. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 6 ට පැවැත් වෙනු ඇති.

අයවැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න්සෑම දිනකම පස්වරු 6 සිට 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?