වැඩිම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් ඇමති

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 78 වන අයවැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමට ඇත්තේ, තවත් දින කිහිපයක් පමණයි.

2024 වසරේ රාජ්‍ය ආදායම් සහ වියදම් ලේඛනය වන අයවැය යෝජනා ලබන 13 වන දා, එනම් ලබන සඳුදා දහවල් 12ට මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඔහු ඉදිරිපත් කරන දෙවන අයවැය මෙයයි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය වූයේ, 1947 වසරේදී වන අතර එතැන් පටන් ශ්‍රී ලංකාවේ අයවැය යෝජනා 78ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා. ඊට අමතරව ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම් සංඛ්‍යාව 12ක්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමු විසර්ජන පනත 1978 වසරේ ඉදිරිපත් කළ අතර, ‌එම වසරේ දෙසැම්බර් 27 වන දා සහතික කෙරුණා.

එය ඉදිරිපත් කරන ලද්දේ, එවකට මුදල් අමාත්‍ය ධූරය දැරූ රොනී ද මෙල් විසිනුයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා 77 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ, මුදල් අමාත්‍යවරුන් 16 දෙනෙකු විසින් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

ඊට අමතරව, ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය ධූරය දැරූ අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා විසින් අයවැය ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

වැඩි ම වාර ගණනක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරුන් දෙදෙනෙක් වන අතර ඒ, රොනී ද මෙල් සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනායි. ඔවුන් දෙදෙනා ම අවස්ථා 11 බැගින් අයවැය ඉදිරිපත් කර තිබෙනවා.

රොනී ද මෙල් 1978 වසරේ සිට 1988 වසර දක්වා වසර 11කදී අඛණ්ඩව අයවැය යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ඒ, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේයි.

මහින්ද රාජපක්ෂ 2005 වසරේ සිට 2015 දක්වාත්, 2019 සිට 2021 දක්වාත් මුදල් අමාත්‍ය ධූරය දරා ඇති අතර, එම කාල සීමාවේදී 11 වරක් අයවැය යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී, 2015 වසර සඳහා වූ අයවැය යෝජනා ඉදිරිපත් කර අවසානයේ මහින්ද රාජපක්ෂ ඇසූ ප්‍රශ්නයක් පසුකාලීනව අතිශයින් ප්‍රසිද්ධියට පත්විය. එම ප්‍රශ්නය වූයේ, “කොහොම ද ගමේ බයියන්ගේ අයවැය?” යන්නයි. පසුකාලීනව, දේශපාලනික වශයෙන් “බයියා” යන වචනය විශාල වශයෙන් භාවිත වන්නට වුණා.

1993 වසර තෙක් මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා හෝ වරිය විසින් නොදැරූ අතර, 1993 වසරේදී ජනාධිපති ධූරයට පත්වූ ඩී.බී. විජේතුංග ඒ වන විටත් තමන් හෙබවූ මුදල් අමාත්‍ය ධූරය තමන් යටතේ ම තබා ගත්තා.

අනතුරුව 1994 වසරේදී බලයට පත් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ද මුදල් අමාත්‍ය ධූරය තමන් යටතේ තබා ගැනීමටයි කටයුතු කළේ.

එම කාලයේදී බොහෝ විට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා විසිනුයි.

පසුව, මහින්ද රාජපක්ෂ ද එම මග යමින් මුදල් අමාත්‍ය ධූරය දරමින් ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළා.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මේ වන විට මුදල් අමාත්‍ය ධූරය හොබවනවා.

1977 වසරේ ජනාධිපතිවරණයෙන් පසු බිහි වූ ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පළමු මුදල් අමාත්‍යවරයා වූයේ, රොනී ද මෙල් මහතායි.

එතැන් සිට, මුදල් අමාත්‍ය ධූරය දැරූ දේශපාලනඥයින්,

‍රොනී ද මෙල් (1977 – 1988)
එම්.එච්.එම්.එන්. මරික්කාර් (1988 – 1989)
ඩී.බී. විජේතුංග (1989 – 1994)
චන්ද්‍රිකා බණ්ඩාරනායක (1994 – 2001)
කේ.එන්. චොක්සි (2001 – 2004)
ආචාර්ය සරත් අමුණුගම (2004 – 2005)
මහින්ද රාජපක්ෂ (2005 – 2015 සහ 2019 – 2021)
රවී කරුණානායක (2015 – 2017)
මංගල සමරවීර (2017 – 2019)
බැසිල් රාජපක්ෂ (2021 – 2022)
අලි සබ්රි (2022 අප්‍රේල් – 2022 මැයි)
රනිල් වික්‍රමසිංහ (2022 -මේ දක්වා )

සඳුදා දහවල් 12ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම්වරිය ප්‍රකාශ කළේ. ‍එසේම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අඟහරුවාදා දා පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.

අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර දින 19ක් පැවැත්වීමට ද තීරණය වී තිබෙනවා. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා පස්වරු 6 ට පැවැත් වෙනු ඇති.

අයවැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න්සෑම දිනකම පස්වරු 6 සිට 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙනවා.

  1. RATA SEWAYA KALA AWASANA WEDAGATH PARAPURA 1977 JRJ ANDUWENA AWITH 1983 WENAKAM WISHALA SEWAYAK KALA. ITA PASSE 1988 DAKWA APU AYA WEDATH KARALA GANAK KAPA GATHTHA. 1988 PASSE APU AYA TIKAK WEDA KARALA GODAK KAPA GATHTHA. 1995 PASSE APU UN WEDA KARANA BAWA PADA SHOW DALA PENNALA PARAMPARA 2-3 KAPA GATHTHA. 2001 PASSE APU UN MELO WEDAK NOKARA HORAKAM TAMA AWA UN. 2009 PASSE AWE PAWUL PITIN DESHAPALANAYATA AWTH PAWUL PITIN MAHAJANA DHANAYA PRASIDHDHIYE MANKOLLA KANA KAPALUWO SET EKAK. PAWULWADHEE HORAKAMA AWE 2009 PASSE. RAJYA MANKOLLAYA GENAWA 20155 RANIL. VIJAYABA KLLAYA MOKAK DHA, 2015 PASSE THAMAYI MAHA MANKOLLA UNE. 2019 DOLLAR BILLIO 8.5KA SANCHITA EKKA RATA BALEN GATH UN DOLLR BIION 7.5KMA MANKOLLA KALA RATA BANKOLOTH KARALA THAMATH BALEN ALLAGENA INNAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56