ආධුනික පොලිස් නිලධාරීන් 280 දෙනෙක් විසිර යයි

කළුතර පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 225 දෙනෙක් සහ ආධුනික පොලිස් කොස්තාපල් රියැදුරුවරුන් 55 දෙනෙක් විසිර යාමේ උත්සවයක් අද (03) දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් සහ එම අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ හා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ සහභාගිත්වයෙන් කළුතර පොලිස් විද්‍යාලයේ අලුවිහාර ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.

මෙහිදී දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල් ලෙස 107968 ඒ. එම්. ඕ.වී. සෙනවිරත්න නිලධාරියා, හොඳම ඉලක්කයට වෙඩි තබන්නා ලෙස ආධුනික පොලිස් කොස්තාපල් 108087 ඩබ්.අයි.එස්. බණ්ඩාර නිලධාරියා හා නීතිය පිළිබඳව දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල් ලෙස 107985 ආර්.එම්.ඩී.එස් සේනාරත්න නිලධාරියා තේරී පත්ව ඇති අතර දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු ලෙස 108106 එච්. එම්. ජී. එම්. හේරත් නිලධාරියා, හොඳම ආධුනික පොලිස් කොස්තාපල් රියදුරු ලෙස 108104 ආර්.එම්.එස්.ටී.ඩී. ලංකා නිලධාරියා තේරී පත්වුණා.

පුහුණු කාලසීමාව තුළ විශිෂ්ඨ දස්කම් දැක් වූ නිලධාරීන් වෙත ත්‍යාග සහ සහතිකපත් අමාත්‍යතුමාගේ සහ පොලිස්පතිතුමාගේ සුරතින් ප්‍රදානය කරමින්, පොලිස් සේවයේ යහපත් වෘත්තීය භාවයෙන් නිරත වීමෙන් ජීවිතයට එක්කර ගත හැකි වටිනාකම පිළිබඳව මෙන්ම අභිමානවත් පොලිස් සේවයේ විනයාණුකූල නිලධාරීන් ලෙස මහජනාවට අවංකව සේවය කිරීමට කැපවන ලෙසට දන්වමින් නවක නිලධාරීන්ට සුභාශිංෂණ එක්කළා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සංජීව ධර්මරත්න, බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත , පුහුණු හා උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ සම්පත් කුමාර ලියනගේ , බඳවා ගැනීම් හා පුහුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් , ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා ආධුනික නිලධාරීන්ගේ දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් මෙම විසිර යාමේ උත්සවයට සහභාගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07