AFC Banner
AFC Banner
Empty Ad

වැටුප් වැඩිකර ගැනීම ගැන පැහැදිලි කරමින් මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේ කරුණ සම්බන්ධයෙන් මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙනේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පසුගිය පාර්ලිමේන්තු සැසිවාරවල දී සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමු වූ බවයි.

2024-2026 කාලසීමාව ආවරණය වන පරිදි වෘත්තීය සමිති සමඟ ඇති කර ගත් ත්‍රිවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව අදාළ වැටුප් වැඩි කිරීම සිදුකර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනූව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා වෙත පසුගිය 22 වනදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකු ඉල්ලා සිටි එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කාරක සභාවක් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට සූදානමින් පසුවන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?