AFC Banner
AFC Banner
Empty Ad

වැට් සංශෝධන සහ මුදල් පනත් කෙටුම්පත් දෙවැනිවර කියැවීමේ විවාදය අද

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වීම සදහා පාර්ලිමේන්තුව අද (10) රැස්වනවා.

මේ අනුව පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිතයි.

පසුගිය නොවැම්බර් 20 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගත් තීරණය අනුවයි මෙම විවාදය අද පැවැත්වෙන්නේ.

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අවසන් දින ත්‍රිත්වය හෙට (11) සිට 13 වැනි බදාදා දක්වා පැවැත්වෙන අතර ලබන 13 වැනිදා පස්වරු 6ට 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?