වාහන සිහිනය ‘සිහිනයක්’ ම කරවන දැවැන්ත මූල්‍ය වංචාවක් – නීති ලිහිල් කර නොමැති පසුබිමක දුන් පොරොන්දු

පසුගිය රාජ්‍ය පාලනයන් තුළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට සිය රටට විදෙස් රටකින් වාහන ආනයන කිරීම සඳහා පැවති නෛතික සීමාවන් දැඩි කරමින් පැවතීම මත වාහන ආනයනය කිරීම තාවකාලිකව නතර වී තිබුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාහන ආනයන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පනවා ඇති නීතිමය රාමුව ගැන සමාජයේ බොහෝ දෙනෙක් සිය මාතෘකා බවට පත් කරගත්තේ එහි ඇති දැඩි අවශ්‍යතාව මුල් කරගෙනයි.

සිව් වසරක සිට මෙරටට වාහන ගෙන්වීම නවතා දමා ඇති පසුබිමක ආනයන සීමා, කොන්දේසිවලට සාපේක්ෂව මෙරට තුළ භාවිත කරන ලද (Second Hand) වාහනවල මිල ගණන් ද ඉතා ඉහළ මට්ටමකට මිල ගණන් වැඩි වීම ද දක්නට ලැබුණා.

මෙවන් පසුබිමක දී තමන්ට ඇති සැටියෙන් හෝ වාහනයක් මිලට ගැනීමට සිහින දුටු ජනතාවට එය සිහිනයක් ම බවට පත් ව තිබුණු බව ප්‍රසිද්ධ රහසක්.

ඊට හේතුව වනුයේ වාහනයක් තමන්ගේ මුදලකින් මිලට ගෙන පැදීමට ආසාවකින් හීන පුරවාගෙන සිටි ජනතාවගේ සිහින දඩමීමා කරගත් මෙරට අංක 01 යැයි පැවසෙන එක්තරා වාහන සමාගමක් විසින් විශාල වශයෙන් ජනතාවක් මුදල් වංචා කිරීමට සැලසුම් සකස් කරමින් සිටීමයි.

තොරතුරු වාර්තා වන පරිදි විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන ගෙන්වාදෙන බවට පවසමින් ජනතාවගෙන් අත්තිකාරම් මුදල් එකතු කිරීමේ මූල්‍ය වංචාවක් මේ වනවිටත් එම සමාගම දියත් කර තිබෙනවා.

මාධ්‍ය අවකාශයන් මුදලට ලබා ගනිමින්; එහි වෙළෙඳ දැන්වීම් පළ කරමින් මෙම සමාගම ජනතාව රැවටීමේ මුල් අදියර දියත් කර ඇති බවත් මේ වනවිටත් පුද්ගලයින් 4000ක් පමණ කූඨ ජාවාරමට හසු වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

වාහනයක් මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි එක් පාරිභෝගිකයෙකුගෙන් අත්තිකාරම් මුදල් ලෙස රුපියල් ලක්ෂ 05 බැවින් වූ සුවිශාල මුදලක් එම ආයතනය විසින් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම ගැටලුව දෙස සුපරික්ෂාකාරීව දකින්නෙකුට පෙනී යන්නේ රජය විසින් ආනයනය තහනම් කර ඇති භාණ්ඩයක් සඳහා ජනතාවගෙන් ඉහත පරිදි අත්තිකාරම් මුදල් ලබා ගන්නේ කෙසේ ද යන්න යි.

තවමත් රජය මගින් වාහන ආනයන තහනම ලිහිල් කිරීම හෝ එහි සංශෝධනයක් පිළිබඳව සඳහන් කර නැති පසුබිමක දී මෙලෙස මහජනයා මුලා ක‍රමින් ව්‍යාජ කරුණු ගෙනහැර පාමින් සිදු කරන මූල්‍ය වංචාවන් නීතියේ ඇසට හසු නොවන්නේ මන්දැයි විමතියකට කාරණයක් නොවන්නේ දැයි ද යන්න ප්‍රශ්නයකි.

මෙම වාහන ආනයනය කරනවා යැයි පවසා පාරිභෝගිකයින් රවටමින් ගැරූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 02කට අධික ප්‍රමාණයක් බව ද හෙළි ව තිබෙනවා.

ඒ අනුව එහි මාසික පොළී අනුපාතය පමණක් මසකට රුපියල් මිලියන 02ක් පමණ වනු ඇති.

මෙම බිලියන 02ක මුදල සඳහා කූඨ ව්‍යාපාරික සමාගම වැට් බදු ගෙවන්නේ ද? නැතහොත් එම පොළී ආදායමට සිදු වන්නේ කුමක් දැයි තවමත් අබිරහසක් ව පවතිනවා.

තවද රජය විසින් වාහන ආනයනයට පනවා ඇති නීති හා සීමා ලිහිල් කළ ද, මෙලෙස අත්තිකාරම් මුදල් ගෙවූ පාරිභෝගිකයින් 4000ට ම එකවර එක් ආයතනයකට වාහන ගෙන්වීමට අවසරයක් ලැබේ ද යන්න ද මනසින් විමසා බැලිය යුතු ප්‍රශ්නයක් වී අවසන්.

ඊට අවස්ථාව සැලසුණ ද රට තුළ අවශ්‍ය විදේශ සංචිත ඒ සඳහා තිබේ ද යන්න ද මේ වනවිට ගැටලුවකි.

එමෙන්ම වාහන ආනයන නීතිරීති සංශෝධනය වන දින වකවානු පිළිබඳ ව රජයේ රහස්‍ය තොරතුරු ගැන මෙම සමාගම ගැන දැනුවත් වන්නේ කෙසේ දැයි යන්න ද මෙහි ඇති තවත් ගැටලුවක් වන බව පෙනේ.

එබැවින් වත්මන් රජය යටතේ හෝ ජනතාවගේ අහිංසක හීන සමගම මුදලින් ගනුදෙනු කරමින් සෙල්ලම් කරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියා කරන ආයතන ගැන මීට වඩා අවධානයෙන් පසුවිය යුතු අතර කූඨ ජාවාරම්කරුවන් වහාම නීතියේ රැහැනට හසු කරගත යුතු නොවන්නේ ද?

මෙවැනි ක්‍රියා ගැන සොයා බලා නිසි පියවර සහ දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වත්මන් රජයේ අවධානයට සුදුසුම කාලයයි මේ…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
5
+1
4
+1
1
+1
3
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?