spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාහන විකුණා රහමෙර පානය කළ අය අල්ලයි

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරාගෙන  උකස්කර මත්ද්‍රව්‍ය පානයේ යෙදුණු කල්ලි දෙකක සාමාජිකයන් සිවුදෙනෙකු  අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසනවා.

එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු අනුව එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා ත්‍රී රෝද රථ දෙකක් සහ යතුරු පැදි හතරක් හා ත්‍රීරෝද රථ එන්ජිමක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කොට්ටාව පිංහේන ප්‍රදේශයේදී ඉදිරිපස අංක තහඩුවක් නොමැති යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂා කිරීමේදී එක් පුද්ගලයෙකු සන්තකයේ  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5  මිලිග්‍රෑම් 200ක් තිබි හමුවීමෙන් අනතුරුව සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී  මෙම සොරකම් සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා.

ඒ අනුව කොට්ටාව පැලැන්වත්ත හා මත්තෙගොඩ ප්‍රදේශවල දී  අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ගෙන්  සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී පිළියන්දල , කොට්ටාව, බොරලැස්ගමුව හා මත්තේගොඩ ප්‍රදේශ වල මහ මඟ නතර කර තිබූ යතුරු පැදි හතරක් සහ ත්‍රී රෝද රථ දෙකක් සොරා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ බව  පොලිස් නිලධාරියකු පැවසුවා.

සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර අනාවරණය වූ තොරතුරු අනුව සොරා ගත් එම ත්‍රී රෝද රථ සහ යතුරුපැදි කහතුඩුව සහ කෝරලඉම ප්‍රදේශවල අඩු මුදලට උකස් කර තිබියදී සොයා ගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව වැඩිදුරටත් කළ විමර්ශණ වලදී තහවුරැ වී තිබෙන බව සදහන්.

සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පිලියන්දල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?