රටින් පිටවෙන්න තහනම් කර තිබූ අයෙක් රටින් පනින්න සැරසෙද්දී මාට්ටු

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් රටින් පිටවීම තහනම් කළ ව්‍යාපාරිකයෙකු කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තය පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මෙම පුද්ගලයා ඊයේ (27) අලුයම් කාලයේ තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ තායි ගුවන් සේවයේ ටී.ජී – 308 දරණ ගුවන් යානයට පිවිසීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එලෙස පැමිණි මෙම පුද්ගලයා සිය ගුවන් යානා නිශ්කාශන කටයුතු නිමකර ගුවන් තොටුපොළ විගමන අංශය වෙත පැමිණ සිටියදී , එහි රාජකාරී කටයුතු වල නිරත වී සිටි ආගමන විගමන නිලධාරීවරයා මොහුගේ ලියකියවිලි පරීක්ෂා කර බලා ඇති වූ සැකය මත ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම ව්‍යාපාරිකයා සහ ඔහු සතු ලියකියවිලි ද සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබූ අතර, එහිදී සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී ඔහු සතුව තිබූ විදෙස් ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවත්, එසේම එහි සටහන් කර ඇති විගමන මුද්‍රා ද ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම මෙම ගමන් බලපත්‍රයට පෙර මෙම ව්‍යාපාරිකයා භාවිත කළ විදෙස් ගමන් බලපත්‍රය ද කූඨ ලෙස සකස් කළ එකක් බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වුණේ.,

මෙම ව්‍යාපාරිකයා මීට පෙර කූඨ ලෙස ලියකියවිලි සකස් කර ශ්‍රී ලාංකිකයෙකු ඉතාලිය වෙත යැවීමට උත්සාහ කර තිබූ අතර , එම ප්‍රයත්නය අසාර්ථක වී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී මොහුට එරෙහිව එම අධිකරණය මඟින් විභාග කරමින් පවතින නඩු කටයුත්තේ දී රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

මොහු ඉන් බේරීමට මෙලෙස කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රය යොදාගනිමින් රටින් පළායාම සඳහා උත්සාහා කළ අවස්ථාවේ දියි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46