spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙවර LPL ක්‍රීඩක වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් 400ක්

මෙවර එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා 400කට අධික විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ අදියර සඳුදා දිනයේ අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් වෙන්දිසිය සඳහා ඉදිරිපත් කරන විදෙස් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ආසන්න වශයෙන් 150ක් දක්වා අඩු කිරීමට නියමිත බව සඳහන්.

බාබර් අසාම්, ෂහීන් ෂා අෆ්රිඩි, ජේම්ස් නීෂම්, ටිම් සවුති, ඉෂ් සෝදි වැනි ක්‍රීඩකයින් මෙවර වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 16 වන දින කොළඹ තරු පහේ හෝටලයක දී පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය ජුලි පළමු වනදා 21 දක්වා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?