වාහන ගෙන්වීම ගැන අලුත් කතාවක්

සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීමත් සමග, සිය ගමන් බිමන් සඳහා වාහන අවැසි බවට මන්ත්‍රීවරු කළ ඉල්ලීම ව්‍යර්ථ වූ බව පසුගිය දා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වුවත්, සැබැවින්ම එය එලෙස ව්‍යර්ථ වී ඇත්දැයි යන්න පිළිබඳව ගැටළුවක් මතු වී තිබෙනවා.

සුඛෝපභෝගී ජිප් රථ ඇතුළු වාහන 399ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් වූ අතර එය සළකා බලමින් අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවට පැවසුණේ පවතින තත්ත්වය යටතේ වාහන සුළු ප්‍රමාණයක් හෝ ගෙන්වීම නොසුදුසු බවට යි.

අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත්තේ ද අමාත්‍ය මණ්ඩලය විසින්ම වාහන තොගයක් ආනායනය කිරීමට ගත් තීරණයක් සළකා බලමින් වීම විශේෂත්වයක්.

පසුගිය අප්‍රේල් මාසයේ දී වාහන තොගයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ රජයේ සංවර්ධන කටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා එම වාහන අවශ්‍ය බවට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි.

ගිලන් රථ, ජල බෞසර සහ ඩබල් කැබ් රථ යන වාහන 50 බැගින් වාහන 150ක් ගෙන්විය යුතු බව එහි සඳහන්.

එමෙන්ම තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීමේ ක්‍රමය ද තාවකාලිකව අත්හිටුවීම මන්ත්‍රීවරුන්ට ගැටළුවක් වූ බැවින් එම බලපෑම ඉවත් කළ හැකි විකල්ප ක්‍රමයක් කෙරෙහි ද එහි දී අවධානය යොමු වී තිබුණා.

එම ගැටළුව විසඳීම සඳහා ලංකා බැංකුවෙන් සපයන බිලියන 3.7ක කල් බදු පහසුකම යටතේ වාහන 399ක් ආනයනය කිරීමට ඇණවුම් භාර දී තිබෙනවා.

මේ අනුව අදාළ වාහන 399 ගෙන්වීම අත්හිටුවීමට පසුගිය මැයි 24 වැනි දා කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පැවසුණත්, රජය වෙනුවෙන් එම වාහන 399 සඳහා ලංකා බැංකුව අප්‍රේල් 29 වැනි දා ණයවර ලිපි විවෘත කර ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම එම ණයවර ලිපි අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට තීරණය කර නැහැ.

ඒ අනුව අදාළ වාහන 399 මේවන විටත් ඇණවුම් කර අවසන් බැවින් ඒවා මෙරටට පැමිණීම නොවැළැක්විය හැකි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම ණයවර ලිපිවල ඉල්ලුම්කරු ලංකා බැංකුව වන බැවින් මෙය ලංකා බැංකුවේ ව්‍යාපාර කටයුත්තක් බවටයි සැළකෙන්නේ.

පසුගිය අප්‍රේල් මස දී වාහන ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම, වානිජ බැංකුවලට තහනම් කිරීමට මහබැංකුව පියවර ගත් අතර, එවැනි පසුබිමක මේ ආකාරයෙන් ණයවර ලිපි නිකුත් කර තිබීමට අදාළව ආනයන අපනයන පාලන පනත යටතේ ලංකා බැංකුවට දඩයක් පැණවිය හැකි බව පැවසෙනවා.

ලංකා බැංකුව යනු රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති තීරුබදුවලින් නිදහස් ආයතනයක් නොවන බැවින්, ඇණවුම් කර ඇති වාහන 399 සඳහා තීරු ගාස්තු ගෙවීමට ද මහබැංකුවට සිදුවන බව සඳහන්.

මෙනිසා ලංකා බැංකුව අදාළ තීරු ගාස්තු නොගෙවන්නට කටයුතු කළහොත්, එය රජයට ගෙවිය යුතු බද්දක් පැහැර හැරීමක් ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10