වාර්ෂික සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි සැමරුම එළඹෙන 24 වැනිදා ජනපති ප්‍රධානත්වයෙන්

වාර්ෂික සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ; ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය හා එම සංගමය යටතේ ක්‍රියාත්මක සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි කමිටුව විසින් වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබන
බවයි.

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ පිහිටා ඇති යුද විරු ස්මාරකය අබියස දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙනවා.

ලෝකය පුරා සියලු රටවල, පළමු ලෝක යුද්ධයේ සිට මේ දක්වා රට වෙනුවෙන් දිවි පිදු හා ආබාධිත තත්ත්වයන්ට පත් වූ රණවිරුවන් සිහි කිරීම උදෙසා ජාත්‍යන්තර පොපි සැමරුම් උත්සවය සෑම වර්ෂයකම නොවැම්බර් මාසයේ දී පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය යි.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අතර, මිත්‍රශීලීභාවය, සුහදත්වය හා සහෝදරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් 1944 වසරේදී ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය පිහිටවනු ලැබුවා.

දැනට ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි කමිටුවට යටත්ව දිවයින පුරා අනු සංගම් 44 ක් ද, එක්සත් රාජධානියේ හා ඔස්ට්‍රෙලියාවේ තවත් කමිටුවක් ද ක්‍රියාත්මක වනවා.

ඒ අනුව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 50,000 ක් පමණ මෙම සංගමයේ සාමාජිකත්වය ලබා ඇති අතර
වාර්ෂික පොපි සැමරුම් උත්සවයට සමගාමී ව පොපි මල් පළඳනා, මල් දම් සහ ස්ටිකර් අලෙවිය සිදු කරනු ලබනවා.

එහිදී පොපි මලක් ලබාගෙන තමන්ට කැමති පරිදි මුදලක් පරිත්‍යාග කිරීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබෙන අතර, එමගින් ලැබෙන ආදායම පුර්ණ වශයෙන් විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා යොදා ගන්නා බවයි වාර්තා වන්නේ.

මේ වන විට සරණක් අවැසි විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් කටාන – බෝලගල හා කටුගස්තොට යන ප්‍රදේශවල රණවිරු නිවස්න දෙකක් පවත්වා ගෙන යනු ලබන අතර, එමගින් සාමාජිකයින් 30 දෙනෙකුට පමණ පුර්ණ රැකවරණය ලබාදීමට කටයුතු සලසා තිබෙනවා.

එමෙන්ම, සාමාජිකයන්ගේ ශල්‍යකර්ම හෝ රෝගී අවශ්‍යතාවන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මෙන්ම, ඇස් කණ්ණාඩි හෝ ශ්‍රවණාධාර වැනි වෛද්‍ය උපකරණ මිල දී ගැනීමට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය සැපයීම ද, මෙමගින් සිදු කෙරෙනවා.

ස්වාභාවික විපත් හෝ හදිසි ආපදා තත්ත්වයක දී මෙම සංගමයේ විධායක කමිටු අනුමැතිය පරිදි විපතට පත් සාමාජිකයන් වෙත අවශ්‍ය මුල්‍යාධාර සැපයීමට ද කටයුතු කරනු ඇති.

වසර පහකින් ගෙවා නිමකළ හැකි පරිදි සහනදායී පොලියක් යටතේ රුපියල් ලක්‍ෂ පහක් දක්වා මුල්‍ය ණය පහසුකම් සැපයීම, ස්වයං රැකියා පුහුණු ව්‍යාපෘති, සාමාජිකයන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම හා රැකියා බැංකුවක් හරහා සාමාජිකයන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට රැකියා අවස්ථා ලබාදීම ආදී වශයෙන් දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලට අමතරව, ඉදිරියේදී සාමාජිකයන් වෙනුවෙන් පරෝපකාරී රක්‍ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

මෙම සුබසාධක ව්‍යාපෘති සියල්ල සඳහා පොපි සමරු මල් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් සැලකිය යුතු දායකත්වයක් ලැබෙන අතර එම නිසා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය හා එම සංගමය යටතේ ක්‍රියාත්මක සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි කමිටුව විසින් හැකි උපරිම දායකත්වයක් ලබා දෙන මෙන් ජනතාවගෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලීමක් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10