වාර්තා තැබූ වෝනර් සහ ට්‍රැවිස්ගේ ප්‍රහාරය

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය මේ වනවිට ඉන්දියාවේ ධර්මශාලා හදී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයාගේ තීරණය වුණේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදීමටයි.

නවසීලන්ත නායකයාගේ එම තීරණයට ප්‍රබල පිළිතුරක් සපයන්නට ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගළය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ඒ, ඩේවිඩ් වෝනර් සහ මෙම තරගය වෙනුවෙන් කලකට පසු කණ්ඩායමට පැමිණි ට්‍රැවිස් හෙඩ් ආරම්භක කඩුල්ලට නොබිඳුණු ලකුණු 150ක සබඳතාවක් ගොඩනඟමින්.

මෙහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 05ක් තුළ තම ලකුණු පුවරුවට ලකුණු 100ක් එක් කිරීමට සමත් වුණා.

එය වාර්තා අතරට එක් වුණේ මෙවර තරගාවලිය තුළ මේ දක්වා කණ්ඩායමක් රැස්කළ වේගවත්ම ලකුණු 100 ලෙසටයි.

ඊට අමතරව පන්දුවාර 14යි පන්දු 05ක් තුළ ලකුණු 150 සීමාවට ළඟා වීමට ඕස්ට්‍රේලියාවට අද හැකියාව ලැබුණා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින වෝනර් සහ ට්‍රැවිස් හෙඩ් සිය මීළඟ ජාත්‍යන්තර එක්දින ශතකයන් පෙනන මානයේ සිටිනවා.

පන්දුවාර 08යි පන්දු 05ක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
4
+1
1
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47