spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වාර්තා තැබූ වෝනර් සහ ට්‍රැවිස්ගේ ප්‍රහාරය

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය මේ වනවිට ඉන්දියාවේ ධර්මශාලා හදී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයාගේ තීරණය වුණේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදීමටයි.

නවසීලන්ත නායකයාගේ එම තීරණයට ප්‍රබල පිළිතුරක් සපයන්නට ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් යුගළය මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ඒ, ඩේවිඩ් වෝනර් සහ මෙම තරගය වෙනුවෙන් කලකට පසු කණ්ඩායමට පැමිණි ට්‍රැවිස් හෙඩ් ආරම්භක කඩුල්ලට නොබිඳුණු ලකුණු 150ක සබඳතාවක් ගොඩනඟමින්.

මෙහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 08යි පන්දු 05ක් තුළ තම ලකුණු පුවරුවට ලකුණු 100ක් එක් කිරීමට සමත් වුණා.

එය වාර්තා අතරට එක් වුණේ මෙවර තරගාවලිය තුළ මේ දක්වා කණ්ඩායමක් රැස්කළ වේගවත්ම ලකුණු 100 ලෙසටයි.

ඊට අමතරව පන්දුවාර 14යි පන්දු 05ක් තුළ ලකුණු 150 සීමාවට ළඟා වීමට ඕස්ට්‍රේලියාවට අද හැකියාව ලැබුණා.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින වෝනර් සහ ට්‍රැවිස් හෙඩ් සිය මීළඟ ජාත්‍යන්තර එක්දින ශතකයන් පෙනන මානයේ සිටිනවා.

පන්දුවාර 08යි පන්දු 05ක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
4
+1
1
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?