AFC Banner
AFC Banner
Empty Ad

ව්‍යාජ වීසා එක්ක ඔස්ට්‍රියාවට යන්න ගිය තරුණයන් දෙදෙනෙක් කටුනායකදී අල්ලයි

වංචනික වීසා බලපත්‍ර භාවිතා කරමින් ඕස්ට්‍රියාව වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එක් තරුණයෙකු කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර අනෙක් තරුණයා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

මෙම තරුණයන් දෙදෙනා අද උදෑසන 07.30ට තුර්කි ගුවන් සේවයේ TK- 731 දරන ගුවන් යානයෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් තුර්කි ගුවන් සේවා නිලධාරීන් හමුවේ තම ගුවන් සේවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමට ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ ඕස්ට්‍රියා වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ නිලධාරීන් මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සිදු කළ මූලික විමර්ශනවලදී මෙම වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

පසුව සැකකාර තරුණයන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී බොරැල්ල ප්‍රදේශයේ තැරැව්කරුවෙකු විසින් ඒවා සකස් කර දුන් බව නිලධාරීන් හමුවේ අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
1
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?