ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් පෙන්නූ අයෙකුට වැඩ වැරදුණු හැටි

සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටි පොලිස් කොස්තාපල්වරයකු ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටීය දි අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසනවා.

මෙම සැකකරු බීමතින් යතුරුපැදියක් පදවමින් සිටියදී හලාවත කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) මාරවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ඔහු පොලිස් නිලධාරියකු බවට හැඳුනුම්පත ඉදිරිපත් කර ඇති අතර, හැඳුනුම්පත සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත වැඩිදුර විමර්ශනය කිරීමේ දී, සැකකරු හැටන් පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී සේවය හැරයාමේ නියෝග නිකුත් කර සිටි කොස්තාපල්වරයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

පොලිස් හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස සකස් කිරීම සහ, බීමතින් යතුරුපැදියක් පැදවීමේ වරදට එරෙහිව සැකකරුට නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?