ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් පෙන්නූ අයෙකුට වැඩ වැරදුණු හැටි

සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටි පොලිස් කොස්තාපල්වරයකු ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටීය දි අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසනවා.

මෙම සැකකරු බීමතින් යතුරුපැදියක් පදවමින් සිටියදී හලාවත කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (04) මාරවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ඔහු පොලිස් නිලධාරියකු බවට හැඳුනුම්පත ඉදිරිපත් කර ඇති අතර, හැඳුනුම්පත සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත වැඩිදුර විමර්ශනය කිරීමේ දී, සැකකරු හැටන් පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී සේවය හැරයාමේ නියෝග නිකුත් කර සිටි කොස්තාපල්වරයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.

පොලිස් හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස සකස් කිරීම සහ, බීමතින් යතුරුපැදියක් පැදවීමේ වරදට එරෙහිව සැකකරුට නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53
Video thumbnail
"අපේ පුතා ම#පු උන්ට හොඳක් වෙන්නේ නෑ..ඕකුන් අත්අඩංගුවට ගන්න"ඉෂාරගේ පුංචි හඬා වැටෙයි
02:04
Video thumbnail
ජනප්‍රියම බීඩි සමාගමක වෙළඳ නාමය අවභාවිතා කළ මුද්‍රණ සහ මුද්‍රණාලයක් වටලයි - තිදෙනෙකු කොටුවෙයි
00:50
Video thumbnail
කොබෙයිගනේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මියයාම ගැන කියන කතා - දවස් දෙකක් පොලිසියේ ඉදලා මැ#ලා තියෙන්නේ
04:42
Video thumbnail
හොඳ පදමට බීලා, බීමත් රියදුරන් අල්ලන ග්‍රාම ආරක්ෂක - "මේ බලන්න හොඳටම බීලා ඉන්නේ මෙයා.."
01:33