වළකට වැටී සිසුන් දෙදෙනෙක් මියයෑම ගැන උතුරේ ආණ්ඩුකාරවරිය වාර්තාවක් ඉල්ලයි (ඡායාරූප)

කලාප ක්‍රීඩා තරගවලට සහභාගීව සිටි පාසල් සිසුන් දෙදෙනෙක් තරග පැවති ක්‍රීඩාංගණය අසල වතුර වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වනවා.

මේ අතර මෙම සිසුන් දෙදෙනාගේ අවාසනාවන්ත මරණයන් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරිය සිය කණගාටුව ද පළකර තිබෙනවා.

වවුනියාව – පම්පමඩුව විශ්වවිද්‍යාල ක්‍රීඩා භූමියේ ඊයේ (17) පැවති පාසල් එල්ලේ ක්‍රීඩා තරඟාවලියට සහභාගී වූ වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයේ වයස අවුරුදු 14ක් සහ 15ක් වන සිසුන් දෙදෙනෙක් ක්‍රීඩාංගණය අසල වතුර වළකට වැටිමෙන් ජීවිතක්ෂයට පත් වුණා.

පොලිසිය පැවසූවේ වවුනියාව විශ්ව විද්‍යාලීය ක්‍රීඩා පිටිය සකස් කිරීමට පස් ලබාගැනීම වෙනුවෙන් පස් කැපිමෙන් පසු ජලය පිරී තිබූ වළකට මෙම සිසුන් දෙදෙනා වැටී ඇති බවයි.

ක්‍රිඩා තරඟය අවසන්ව අදාළ සිසුන් ක්‍රීඩාංගණය අසළ වූ ජලය පිරුණු වළ නැරඹීමට ගිය අවස්ථාවේ ඊට ඇද වැටී ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

මෙම සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ප්‍රදේශවාසීන් සහ ගුරුවරුන් අතර උණුසුම් තත්වයක් ද ඊයේ (17) හටගත්තා.

මියගිය සිසුන්ගේ සිරුරු අනාරක්ෂිත ජලය පිරුණු වළෙන් ගොඩගෙන වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
1
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03