spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වළකට වැටී සිසුන් දෙදෙනෙක් මියයෑම ගැන උතුරේ ආණ්ඩුකාරවරිය වාර්තාවක් ඉල්ලයි (ඡායාරූප)

කලාප ක්‍රීඩා තරගවලට සහභාගීව සිටි පාසල් සිසුන් දෙදෙනෙක් තරග පැවති ක්‍රීඩාංගණය අසල වතුර වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වනවා.

මේ අතර මෙම සිසුන් දෙදෙනාගේ අවාසනාවන්ත මරණයන් සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරිය සිය කණගාටුව ද පළකර තිබෙනවා.

වවුනියාව – පම්පමඩුව විශ්වවිද්‍යාල ක්‍රීඩා භූමියේ ඊයේ (17) පැවති පාසල් එල්ලේ ක්‍රීඩා තරඟාවලියට සහභාගී වූ වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයේ වයස අවුරුදු 14ක් සහ 15ක් වන සිසුන් දෙදෙනෙක් ක්‍රීඩාංගණය අසල වතුර වළකට වැටිමෙන් ජීවිතක්ෂයට පත් වුණා.

පොලිසිය පැවසූවේ වවුනියාව විශ්ව විද්‍යාලීය ක්‍රීඩා පිටිය සකස් කිරීමට පස් ලබාගැනීම වෙනුවෙන් පස් කැපිමෙන් පසු ජලය පිරී තිබූ වළකට මෙම සිසුන් දෙදෙනා වැටී ඇති බවයි.

ක්‍රිඩා තරඟය අවසන්ව අදාළ සිසුන් ක්‍රීඩාංගණය අසළ වූ ජලය පිරුණු වළ නැරඹීමට ගිය අවස්ථාවේ ඊට ඇද වැටී ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

මෙම සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ප්‍රදේශවාසීන් සහ ගුරුවරුන් අතර උණුසුම් තත්වයක් ද ඊයේ (17) හටගත්තා.

මියගිය සිසුන්ගේ සිරුරු අනාරක්ෂිත ජලය පිරුණු වළෙන් ගොඩගෙන වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
1
+1
7
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?