වසා දැමුණු කලාවැවේ වාන් දොරටු විවර කෙරේ (ඡායාරූප)

ඉකුත් 15 වැනි දා සිට විවෘත කර තිබූ කලාවැවේ හදිසි වාන් දොරටු දෙක ඊයේ පෙරවරු 11ට පමණ සම්පූර්ණයෙන් ම වසා දැමීමට කටයුතු කළ ද, යළිත් එදින ම පස්වරුවේ වසා දැමුණු වාන් දොරටු දෙක විවර කිරීමට කලාවැව කාර්‍යභාර ඉංජිනේරු කාර්‍යාලයට සිදු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම හදිසි වාන් දොරටු දෙක අඩි 03ල් බැගින් විවෘත කර ඇති බවයි.

ඒ අනුව වාන් දොරටු දෙකෙන් තත්ත්පරයට ඝන අඩි 3000ක පමණ ජල ප්‍රමාණයක් කලාවැවට මුදා හැරෙමින් තිබෙනවා.

හදිසි වාන් දොරටු නැවත විවෘත කිරීමත් සමග කලාවැව අවුකන මාර්ගය ද අවුකන ප්‍රදේශයෙන් ජලයෙන් යට වී එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද මේ වනවිට ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශයට මේ වනවිටත් වර්ෂාව ලැබෙමින් පවතින අතර රාත්‍රි 9.00 පමණ වන විට තත්ත්පරයට ඝන අඩි 2000ක පමණ ජල ධාරිතාවයක් දඹුලු ඔය ඔස්සේ කලාවැවට එක්වෙමින් පවතින බව ද වාර්තා වනවා.

ඊයේ දහවල් කලාවැව හදිසි වාන් දොරටු වසා දමන අවස්ථාවේ අක්කර අඩි 82,924ක් දක්වා පහළ ගිය කලාවැවේ සමස්ත ජල ධාරිතාව රාත්‍රිය වනවිට අක්කර අඩි 88,316 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු කුෂාන් ජයවර්ධන පැවසුවේ.

මේ හේතුවෙන් කලාවැව අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසට ද දැනුම්දී තිබෙනවා.

WhatsApp Image 2023 11 22 at 22.53.10 1
WhatsApp Image 2023 11 22 at 22.53.10 2
WhatsApp Image 2023 11 22 at 22.53.10 3
WhatsApp Image 2023 11 22 at 22.53.10 4
WhatsApp Image 2023 11 22 at 22.53.10 5
WhatsApp Image 2023 11 22 at 22.53.10 6
WhatsApp Image 2023 11 22 at 22.53.10 7
WhatsApp Image 2023 11 22 at 22.53.10 8
WhatsApp Image 2023 11 22 at 22.53.10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?