වසා දමා ඇති ඉරාන ගුවන් අවකාශය ඉන්දියාව වෙනුවෙන් විවෘත කෙරේ

ඊශ්‍රායලය සමඟ මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් වසා දමා ඇති ඉරාන ගුවන් අවකාශය ඉන්දියාව වෙනුවෙන් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ඉරානයේ රැඳී සිටින ඉන්දීය සිසුන්ට යළි ඉන්දියාව බලා යෑමට මෙලෙස ඉරාන ගුවන් අවකාශය ඉන්දියාව වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවත් සමඟ පළමු සිසුන් කණ්ඩායම ලෙස ඉරානයේ රැඳී සිටින ඉන්දීය සිසුන්ගෙන් සිසුන් දහසකගේ කණ්ඩායමක් අද (20) රාත්‍රියේ දිල්ලිය බලා යාමට නියමිතව තිබෙනවා.

යුද ගැටුම්වලින් පීඩාවට පත් ඉරාන නගරවල සිරවී සිටින ඉන්දියානු සිසුන් 1,000ක් රජයේ හදිසි ඉවත් කර ගැනීමේ වැඩසටහන වන “සින්ධු” මෙහෙයුමේ කොටසක් ලෙස ඉදිරි දින දෙක තුළ මෙම සිසුන් දිල්ලියට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එම සිසුන් රැගත් පළමු ගුවන් යානය අද (20) රාත්‍රී 11:00ට දිල්ලියට පැමිණෙන අතර, දෙවන සහ තෙවන ගුවන් ගමන් හෙට (21) උදෑසන සහ සවස පැමිණීමට නියමිතයි.

ඊශ්‍රායල සහ ඉරාන මිසයිල ඩ්‍රෝන ප්‍රහාර සිදුකරන ඉරාන ගුවන් අවකාශය ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා වසා දමා තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දියාවට තම සිසුන් ඉවත් කිරීම සඳහා මෙලෙස සුවිශේෂී කොරිඩෝවක් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?