Tuesday, January 7, 2025
Empty Ad
AFC Banner
AFC Banner

වසා තිබූ සබරගමු මහ සමන් දේවාලය යළි ඇරේ

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත එහි කටයුතු අද (07) පෙරවරුවේ සිට ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

සබරගමු මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිළමේවරයෙක් තාවකාලිකව පත් කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ කපුමහතුන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් විරෝධතාවක් එල්ල වුණා.

ඒ, අනුව දින දෙකක් දේවාලයේ කටයුතුවලින් ඉවත් වී විරෝධතාවයේ නියලීමටයි ඔවුන් කටයුතු කළේ.

මේ හේතුවෙන් බැතිමතුන්ට සහ සමන් දේවාලය ආශ්‍රිතව රැකියාවේ යෙදෙන පිරිස් දැඩි අපහසුතාවයකට පත් වුණා.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කළ වැඩබලන බස්නායක නිළමේවරයා එම තනතුර සඳහා සුදුස්සෙකු නොවන බවයි විරෝධතාවයේ නිරත කපුමහතුන්ගෙන් සහ කාර්ය මණ්ඩලය පවසා සිටියේ.

කෙසේ වෙතත් ඔවුන්ගෙන් සිදුකළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව දේවාලය පූජා වට්ටි භාර ගැනීම ඇතුළු තේවාවන් සඳහා අද දිනයේ දේවාලය විවෘත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?