වසා තිබූ සබරගමු මහ සමන් දේවාලය යළි ඇරේ (ඡායාරූප)

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත එහි කටයුතු අද (07) පෙරවරුවේ සිට ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

සබරගමු මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිළමේවරයෙක් තාවකාලිකව පත් කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ කපුමහතුන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් විරෝධතාවක් එල්ල වුණා.

ඒ, අනුව දින දෙකක් දේවාලයේ කටයුතුවලින් ඉවත් වී විරෝධතාවයේ නියලීමටයි ඔවුන් කටයුතු කළේ.

මේ හේතුවෙන් බැතිමතුන්ට සහ සමන් දේවාලය ආශ්‍රිතව රැකියාවේ යෙදෙන පිරිස් දැඩි අපහසුතාවයකට පත් වුණා.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කළ වැඩබලන බස්නායක නිළමේවරයා එම තනතුර සඳහා සුදුස්සෙකු නොවන බවයි විරෝධතාවයේ නිරත කපුමහතුන් සහ කාර්ය මණ්ඩලය පවසා සිටියේ.

කෙසේ වෙතත් ලැබුණු ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව දේවාලය පූජා වට්ටි භාර ගැනීම ඇතුළු තේවාවන් සඳහා අද දිනයේ දේවාලය විවෘත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

vlcsnap 2025 01 07 12h21m34s762
vlcsnap 2025 01 07 12h21m30s302
vlcsnap 2025 01 07 12h21m17s560


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15