AFC Banner
Empty Ad
Empty Ad

වසර 86ක ඉතිහාසය වෙනස් කරමින් දෙහිවලදී උපත ලැබූ කලු හංසයන්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වසර 86 ක ඉතිහාසය වෙනස් කරමින් ප්‍රථම වතාවට සත්වෝද්‍යානයතුලම උපත ලැබූ කලු හංස පැටවුන් පස් දෙනෙකු මහජන ප්‍රදර්ශනයට යොමු කරනු ලැබ ඇත. මෙම සතුන් පසුගිය මාර්තු මස 22 වන දින උපත ලබා තිබුණත් ඒ වනවිට රට වසාගන සිටි කොරෝනා වසංගතය නිසා මහජනතාවට දෑක බලා ගැනීමට අවස්ථාව අහිමිවී තිබිණි.

මෙලෙස උපන් සතුන් අතර පිරිමි සතුන් තිදෙනකුද, ගැහැණු සතුන් දෙදෙනකුද සිටියි. පැටවුන්ගේ මව නැවත වරක් තවත් කලු හංස පැටවුන් හතරක් බිහි කිරීම සදහා බිත්තර හතරක් රකිමින් සිටිනුද දක්නට ලැබේ. මෙම සතුන් ඕස්ට්‍රේලියාව නිජබිම කරගත් සත්ව විශේෂයක්ද වන අතර, මේ වනවිට සත්වෝද්‍යානයේ සතුන් හත් දෙනෙකු මහජන ප්‍රදර්ශනයට යොමු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?