වසර 32 කට පසු හෙට ජාතික තරුණ සමුළුවක්

වසර 32 කට පසු ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.

ඒ අනුව එම සමුළුව අගෝස්තු 12 වනදා (හෙට) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මෙම සමුළුව සඳහා තරුණ තරුණියන් 6,000කට අධික පිරිසක් සහභාගීවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර අගෝස්තු 12 වැනිදා පැවැත්වෙන Youth Club ජාතික සම්මේලනයේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වාදීමට කටයුතු කරන බවයි වාර්තා වුණේ.

මේ වන විට දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,002කින් ග්‍රාමසේවා වසම් 12,700කට වැඩි ප්‍රමාණයක Youth club පිහිටුවා අවසන් බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම ඒවායේ ප්‍රාදේශීය සම්මේලන සහ දිස්ත්‍රික් සම්මේලන සියල්ල ද පවත්වා අවසන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?