වසර 32 කට පසු හෙට ජාතික තරුණ සමුළුවක්

වසර 32 කට පසු ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.

ඒ අනුව එම සමුළුව අගෝස්තු 12 වනදා (හෙට) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මෙම සමුළුව සඳහා තරුණ තරුණියන් 6,000කට අධික පිරිසක් සහභාගීවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර අගෝස්තු 12 වැනිදා පැවැත්වෙන Youth Club ජාතික සම්මේලනයේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වාදීමට කටයුතු කරන බවයි වාර්තා වුණේ.

මේ වන විට දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,002කින් ග්‍රාමසේවා වසම් 12,700කට වැඩි ප්‍රමාණයක Youth club පිහිටුවා අවසන් බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම ඒවායේ ප්‍රාදේශීය සම්මේලන සහ දිස්ත්‍රික් සම්මේලන සියල්ල ද පවත්වා අවසන් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25