වසර දෙකක් ප්‍රේමයෙන් වෙලී සිටි නිළිය යුග දිවියට

2021 වසර ලොව පුරා බොහෝ තරුවලට මංගල සීනු හැඬවූ වසරක් ලෙස හැඳින්විය හැකියි. ඒ අතරින් නවතම සුබ ආරංචිය වන්නේ හොලිවුඩ් නිළියක්, ගායන ශිල්පිනයක් මෙන්ම ගීත රචිකාවියක් ලෙසද ජනප්‍රියත්වයක් උසුලන ලින්ඩ්සේ ලොහාන්ගේ විවාහ ගිවිස ගැනීමයි.

35 හැවිරිදි ලින්ඩ්සේ බැංකුකරුවකු වන Bader Shammas සමඟ වසර දෙකක පමණ සිට ප්‍රේමයෙන් වෙළී සිටි අතර ඔවුන් දෙදෙනා පසුගියදා විවාහ ගිවිස ගෙන තිබුණා.

ඇය සිය පෙම්වතා සමඟ සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් මගේ ආදරය, මගේ ජීවිතය, මගේ අනාගතය යනුවෙන් සඳහන් කර තිබුණා. එමෙන්ම ගිවිස ගැනීමේ මුදුවද එම ඡායාරූපයෙන් ඇය දක්වා තිබුණා. නමුත් ලොහාන් සහ ෂම්මාස් ඔවුන්ගේ විවාහ මංගල්‍යය පවත්වන්නේ කවදාද යන්න පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නැහැ. ඒ වගේම තවත් සුබ ආරංචියක් වන්නේ ලින්ඩ්සේ නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වන Romantic-Comedy ශානරයේ නිර්මාණයකින් දැක ගත හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?