වසර දෙකක් ප්‍රේමයෙන් වෙලී සිටි නිළිය යුග දිවියට

2021 වසර ලොව පුරා බොහෝ තරුවලට මංගල සීනු හැඬවූ වසරක් ලෙස හැඳින්විය හැකියි. ඒ අතරින් නවතම සුබ ආරංචිය වන්නේ හොලිවුඩ් නිළියක්, ගායන ශිල්පිනයක් මෙන්ම ගීත රචිකාවියක් ලෙසද ජනප්‍රියත්වයක් උසුලන ලින්ඩ්සේ ලොහාන්ගේ විවාහ ගිවිස ගැනීමයි.

35 හැවිරිදි ලින්ඩ්සේ බැංකුකරුවකු වන Bader Shammas සමඟ වසර දෙකක පමණ සිට ප්‍රේමයෙන් වෙළී සිටි අතර ඔවුන් දෙදෙනා පසුගියදා විවාහ ගිවිස ගෙන තිබුණා.

ඇය සිය පෙම්වතා සමඟ සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් මගේ ආදරය, මගේ ජීවිතය, මගේ අනාගතය යනුවෙන් සඳහන් කර තිබුණා. එමෙන්ම ගිවිස ගැනීමේ මුදුවද එම ඡායාරූපයෙන් ඇය දක්වා තිබුණා. නමුත් ලොහාන් සහ ෂම්මාස් ඔවුන්ගේ විවාහ මංගල්‍යය පවත්වන්නේ කවදාද යන්න පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නැහැ. ඒ වගේම තවත් සුබ ආරංචියක් වන්නේ ලින්ඩ්සේ නෙට්ෆ්ලික්ස් හරහා විකාශය වන Romantic-Comedy ශානරයේ නිර්මාණයකින් දැක ගත හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50