වසර දෙකක් තිස්සේ කාමාතුරයන්ට නංගි විකිණූ අක්කාගේ කෙරුවාව එළියට එයි

දහහතර හැවිරිදි දැරියක රුපියල් පනස් දාහක මුදලට නොයකුත් පුද්ගලයන්ට විකුණ­ ඇගේ ඥාති සොහොයුරියක් සහ රුපියල් පනස් දහසකට දැරියව මිලදී ගත් මෝටර් රථ අලෙවි කොටස් විකිණීමේ යෙදෙන ව්‍යාපාරිකයකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී රුපියල් පනස්දාහ බැගින් ගෙවා ඇයගේ පහස ලබාගත් පුද්ගලයන් කිහිප දෙනකු ගැන තොරතුරු හෙළිවී ඇතැයි මරදාන පොලිසිය කියයි. සමහර පුද්ගලයන් ගැන ඇය තොරතුරු කිසිවක් දැන නොසිටින බව පොලිසිය කියයි. රුපියල් පනස් දහසක මුදලකට දැරිය විකුණා මුදල් ලබාගන්නා ඥාති සොහොයුරිය ඇයට ඇඳුම් පැලඳුම් හා කෑම බීම රැගෙන දී ඉතිරි මුළු මුදලම සොහොයුරිය ගන්නා බව මේ පිළිබඳව කළ විමසීමකදී මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර ඇපලකොටුව පවසා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුස්ලිම් කාන්තාව මෙම දැරියගේ ඥාති සොහොයුරියක් . 

දැරිය පාසල් යන වියේ පසුවන අතර ඇය කොළඹ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන බව මරදාන පොලිසිය පවසනවා. මෙම ඥාති සොහොයුරිය දැරියගේ මවුපියන් දැනුවත්ව දැරිය නිවෙසින් රැගෙන ගොස් තිබෙනවා බවත් සඳහන්. මෙලෙස මවුපියන්ගේ අවසරය මත රැගෙන යන දැරිය යළි නිවෙසෙට ගෙනැවිත් ඇරලද්දී ඇයට කෑම බීම සහ ඇගේ නිවෙසටද කෑම බීම ගෙනැවිත් දීම මෙම ඥාති සොහොයුරිය පුරුද්දක් කරගෙන තිබෙනවා මේ නිසා දැරියගේ මවුපියන් මෙම ඥාති සොහොයුරිය ගැන සැකයක් උපදවාගෙන නැති අතර දැරියව රැගෙන යෑමටද ඥාති සොයොහොයුරියට ඉඩකඩ ලබාදී තිබෙනවා. 

මෙලෙස වසර දෙකකට ආසන්න කාලයක් මෙම ඥාති සොහොයුරිය දාහතර හැවිරිදි දැරිය මෙලෙස නිවෙසින් රැගෙන ගොස් තිබෙනවා.සමහර දිනවල දැරිය තම නිවෙසේ රඳවා ගන්නා බව කියමින් දින දෙක තුන ඥාති සොහොයුරිය සිය නිවෙසේ රඳවා තබා ගෙන ඇති බවත් සඳහන්. කෙසේ වෙතත් මෑතක සිට දැරිය ඥාති සොහොයුරිය සමඟ නිවෙසින් පිටවී යෑමට අකමැත්ත පළකර තිබෙනවා. ඇය මේ බව සිය මවුපියන්ටද දන්වා තිබෙනවා. පසුව මවුපියන්ද දැරියගේ අකමැත්තෙන් රැගෙන යෑම ගැන ඥාති සොහොයුරියට අකමැත්ත පළකර තිබෙනවා. එහෙත් ඥාති සොහොයුරිය දැරිය බිය කරමින් යළිත් රැගෙන යෑමට උත්සාහා දරා තිබෙනවා. පසුව මෙම සිදුවීම මරදාන පොලිසියට දැනුම්දී ඇති අතර මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන අරඹා තිබෙනවා. පසුව දැරිය ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ දැරියට කෑම බීම ආදරය සෙනෙහස ලබාදෙන මුවාවෙන් රැගෙන යන මෙම දැරිය ඥාති සොහොයුරිය විසින් නොයෙකුත් පුද්ගලයන්ට විකුණා ඇති බවයි . 

බාලවයස්කාර දැරිය සමඟ වරක යහන්ගතවීමට ඥාති සොහොයුරිය එක් පුද්ගලයකුගෙන් රුපියල් 50,000ක මුදලක් අයකරගෙන ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබෙනවා. එලෙස ලබා ගන්නා මුදලින් ඥාති සොහොයුරිය සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ඥාති සොහොයුරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එමෙන්ම දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී දැරිය සමඟ මුලින්ම ලිංගිකව හැසිරී ඇති මෝටර් රථ කොටස් අලෙවි කරන ව්‍යාපාරිකයාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා .ඔහු 38 හැවිරිදි විවාහකයෙක් දැරිය මේ වන විට රෝහල් ගත කර ඇති අතර, ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් දැරියගෙන් ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බවද මරදාන පොලිසිය කියයි. දැරියගේ ප්‍රකාශය මත රුපියල් පනස්දාහ බැගින් ගෙවා දැරිය සමඟ ලිංගිකව හැසිරුණු ව්‍යාපාරිකයන් හා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉදිරි දිනවලදී කටයුතු කරන බව මරදාන පොලිසිය කියයි. සැකකාරිය හා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න..ඔක්කොම ගිනිබත්වෙලා
01:13
Video thumbnail
විමල්ගෙන් සජිත්ට සැර හින්ට් එකක්..සජිත් හරියට ඉරානය වගේ..පොර වෙනවනම්..සොරි ඉතින්
02:54
Video thumbnail
රජයට පුළුවන් හෙට ඇති තරම් බොරු කියන්න..වංචාව හෝදන්න ඩෝබි වොෂින්ටන්ලට කොහෙත්ම බෑ
06:53
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම
00:30
Video thumbnail
නැවතත් අධික ලෙස ඉන්ධන මිල වැඩි කරනවා ?විමල් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි
07:27
Video thumbnail
බෙල්ලන් සහ ගෝන, මුව අංතට්ටු වටලපු මෙහෙයුම.."මහත්තයා මට ආයේ එන්න පුළුවන් වෙයිද?"
03:27
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න
00:54
Video thumbnail
ගාල්ල දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ඇතිවූ මහ ගින්න..දෙයියනේ..මැදිරි දෙකම ගිනිබත් වෙලා
01:57
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවෙදි නලින්දට තද වෙයි ? - මගේ උත්තරේ දාන්නේ නෑනේ
01:05
Video thumbnail
ආයෙත් ඉන්ධන මිල ඉහළ දාන්නද යන්නේ ? මේ තත්ත්වයන් වෙනස් වෙනවා..අද කියන්න බැහැ
03:19