වසර ගණනක පෙමට පිටු පෑ පෙම්වතාට 19 හැවිරිදි පෙම්වතිය පිහියෙන් ඇනලා

වසර ගණනක ප්‍රේම සම්බන්ධය නවතා දැමීමට උත්සාහ කළ පෙම්වතාට පිහියකින් ඇන තුවාල සිදුකළ පෙම්වතියක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, 19 හැවිරිදි සැකකාර පෙම්වතිය ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ තරුණිය ගම්පොළ නගරයේ මත්ස්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ 22 හැවිරිදි තරුණයකු සමඟ වසර කිහිපයක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

දින කිහිපයක සිට සිය පෙම්වතා තමන්ව මඟ හරින බව දැනගත් තරුණිය මේ පිළිබඳව පෙම්වතාගෙන් විමසීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී පෙම්වතා ඔහුගේ එම තීරණය වෙනස් නොවන බව පැවසීමත් සමඟ තරුණිය විසින් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් මුහුණුපොතේ පළ කිරීමට කටයුතු කර ඇත්තේ සිය පෙම්වතාට වෙනත් තරුණියකට ආදරය කිරීමට නොහැකි වෙතැයි සිතමින්.

මෙම ක්‍රියාවෙන් කෝපයට පත්ව ඇති පෙම්වතා එම ඡායාරූපය මුහුණු පොතෙන් ඉවත් කරන ලෙස දන්වා පෙම්වතියට පහර දී ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් විමසීමට පෙම්වතියගේ මව සහ සහෝදරයා අදාළ පෙම්වතා හමුවීමට ගම්පොළ පොදු වෙළඳපොළ වෙත පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතා විසින් පෙම්වතියගේ සහෝදරයාට පහර දී ඇති අතර, පහරකෑමට ලක් වූ සහෝදරයා රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් එම ස්ථානයේ රැඳී සිටි පෙම්වතිය විසින් සඟවාගෙන සිටි පිහියකින් පෙම්වතාට පහරවල් කිහිපයක් ඇන ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථවේ දී වෙළඳසැල අසල සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් තරුණියව පාලනය කරගෙන ඇති අතර, පිහි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පෙම්වතා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.

පිහි ප්‍රහාරය එල්ල කළ පෙම්වතිය පසුව ගම්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
30
+1
7
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26