spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසර ගණනක පෙමට පිටු පෑ පෙම්වතාට 19 හැවිරිදි පෙම්වතිය පිහියෙන් ඇනලා

වසර ගණනක ප්‍රේම සම්බන්ධය නවතා දැමීමට උත්සාහ කළ පෙම්වතාට පිහියකින් ඇන තුවාල සිදුකළ පෙම්වතියක් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, 19 හැවිරිදි සැකකාර පෙම්වතිය ගම්පොළ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ තරුණිය ගම්පොළ නගරයේ මත්ස්‍ය ව්‍යාපාරවලට සම්බන්ධ 22 හැවිරිදි තරුණයකු සමඟ වසර කිහිපයක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

දින කිහිපයක සිට සිය පෙම්වතා තමන්ව මඟ හරින බව දැනගත් තරුණිය මේ පිළිබඳව පෙම්වතාගෙන් විමසීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී පෙම්වතා ඔහුගේ එම තීරණය වෙනස් නොවන බව පැවසීමත් සමඟ තරුණිය විසින් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් මුහුණුපොතේ පළ කිරීමට කටයුතු කර ඇත්තේ සිය පෙම්වතාට වෙනත් තරුණියකට ආදරය කිරීමට නොහැකි වෙතැයි සිතමින්.

මෙම ක්‍රියාවෙන් කෝපයට පත්ව ඇති පෙම්වතා එම ඡායාරූපය මුහුණු පොතෙන් ඉවත් කරන ලෙස දන්වා පෙම්වතියට පහර දී ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් විමසීමට පෙම්වතියගේ මව සහ සහෝදරයා අදාළ පෙම්වතා හමුවීමට ගම්පොළ පොදු වෙළඳපොළ වෙත පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතා විසින් පෙම්වතියගේ සහෝදරයාට පහර දී ඇති අතර, පහරකෑමට ලක් වූ සහෝදරයා රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් එම ස්ථානයේ රැඳී සිටි පෙම්වතිය විසින් සඟවාගෙන සිටි පිහියකින් පෙම්වතාට පහරවල් කිහිපයක් ඇන ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථවේ දී වෙළඳසැල අසල සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් තරුණියව පාලනය කරගෙන ඇති අතර, පිහි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පෙම්වතා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.

පිහි ප්‍රහාරය එල්ල කළ පෙම්වතිය පසුව ගම්පොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
30
+1
7
+1
3
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?