spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසන්ත මුදලිගේ මුදාහැරීමට එරෙහිව පෙත්සමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් යොමුකර තිබෙනවා.

ත්‍රස්ත මර්දන කාර්යාංශය වෙනුවෙන් නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම යොමු කර ඇති අතර එහි වගඋත්තරකරු ලෙස වසන්ත මුදලිගේ නම් කර තිබෙනවා.

එම අභියාචනය තුළින් සඳහන් කර තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් ඔහු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවයි.

එබැවින් වසන්ත මුදලිගේ මුදාහරිමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?