AFC Banner
AFC Banner
Empty Ad

වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම ගැන නියෝගයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදි විනිසුරුවරයා පාර්ශවකරුවන්ට නියෝග කළේය මෙම පෙත්සමට අදාළ ලිඛිත දේශන අගෝස්තු මස 4 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ත්‍රස්ත මර්දන කාර්යාංශය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා තීන්දු කළා.

එම තීන්දුව නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?