වසන්ත මුදලිගේට එරෙහි අභියාචනය කැඳවීමට දින දෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අභියාචනය ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අදාළ අභියාචනයේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙත සිතාසි නිකුත් කරන ලෙසටයි එම නියෝගයේ සඳහන් වන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.

එම නියෝගය නීතියට පටහැනි බවට තීන්දු කර එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?