වසන්තගේ නඩුවේ උදෘත නීතිපතිට හදිසියේ යැවීම ගැන මහේස්ත්‍රාත්වරියගෙන් විමර්ශන නිලධාරීන්ට දොස්

ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 30කට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර, විමර්ශන අවසන් කිරීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් සඳහා මෙම නඩුවේ විමර්ශන ගොනුව යොමු කරන ලද්දේ ඇයිදැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ඊට අදාළ නඩුව පෙරේදා (22) දිනයේ කැඳවීමේ දී විමසුවා.

පසුගිය නඩුවාරයේ දී මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව අගෝස්තු 14 දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින අමාත්‍ය වසන්ත සමරසිංහ යන අය කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ ලබාදුන් ප්‍රකාශ කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් මඟින් අගෝස්තු 22 දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙලෙස විමසා සිටියා.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා නොදුන් අතර, ව්‍යාජ බදු ඔප්පුවක් සකස්කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර තිබුණා.

මේ වනවිට විමර්ශනයට අදාළව සියලුම ප්‍රකාශ සටහන් කර අවසන් බවත් 2020 වර්ෂයේ නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහ සභාවේ දී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදුදීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකක දී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොකොට අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් උවමනා බව පොලිසිය පවසා සිටින බවත්, නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යානුකූල නිලධාරීන් සිටිය දී මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත්, මහේස්ත්‍රාත්වරිය හට මේ වන විට ස්ථාන මාරුවක් ලබා දී ඇත්තේ මෙම නඩුව නිසා යැයි තමන් විශ්වාස කරන බවත්, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
23
+1
1
+1
4
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?