වවුනියාව රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ ඝාතනයට හිටපු ප්ලොට් නායකයාට මරණ දණ්ඩණය

වවුනියාව රෝහලේ සේවය කරන ලද ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය එම්.එස්. මොහිදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ප්ලොට් නායකයෙකු වූ සිවනාදන් ප්‍රේමනාත් නොහොත් ‘නෙඩුමාරන්’ නැමත්තාට පසුගියදා (07) අධිකරණය විසින් මරණ දණ්ඩණය නියමකර තිබෙනවා.

වවුනියාව මහාධිකරණයේ විනිසුරු එම්.ඉලංචේලියන් විසින් මෙම මරණ දණ්ඩණය පනවා ඇති බවයි වවුනියාව අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 2009 වසරේ අප්‍රේල් 20 වනදා වවුනියාවේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී වෛද්‍යවරයාට වෙඩි තැබූ බවට සැකපිට ‘නෙඩුමාරන්’ නොහොත් සිවනාදන් ප්‍රේමනාත් නැමත්තා වවුනියාව පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරු එවකට ප්ලොට් සංවිධානයේ වවුනියාව, වේප්පම්කුලම් භාරව සිටි තැනැත්තා බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු පසුව ඇපමත මුදාහැර නඩු වාර පැවති අතර, 2015 වසරේ දෙසැම්බර් 31 වනදා නීතිපති දෙපාර්තමේන්තුව විසින් වව්නියාව මහාධිකරණයට අධි චෝදනාපත්‍රයක් ගොනු කිරීමත් සමඟ අදාළ සැකකරු නැවත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණා.

රජයේ අධිනීතීඥ දර්ෂිකා තිරුකුමරන් සහ ආරමුගම් තනූජන් යන අයගේ අධීක්ෂණයෙන් මෙම නඩු විභාගය පැවත්වුණු අතර, එහිදී සැකකරුට එරෙහිව සාක්ෂිකරුවන් 20 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන තිබුණා.

එම සාක්ෂි මඟින් සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට ඔප්පුවීමෙන් අනතුරුව වසර 14ක් පුරා පැවති මෙම නඩුවේ දී දණ්ඩනීති සංග්‍රහයේ 296 වන වගන්තියට අනුව සැකකරුට මෙලෙස මරණීය දණ්ඩණය නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?