වල්ලපට්ටා මුවාවෙන් නීතිවිරෝධී පිරමීඩ සමාගමක් පවත්වාගෙන ගිය අයට එරෙහිව නියෝගයක්

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීතිවිරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ යැයි කියන ස්මාට් වින් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකුට රටින් පිටවීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණි ගමගේ මහතා අද (20) නිකුත් කළා.

අදාළ නියෝගය ආගමන හා විගමන පාලකවරයාට නිකුත් කරන ලෙස දන්වා සිටි මහේස්ත්‍රාත්වරයා අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුගේ සහ අධ්‍යක්ෂ බිරියකගේ බැංකු ගිණුම් විස්තර වාර්තා කැඳවීමට ද නියෝග කළ බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ වංචාව විමර්ශන කාර්යාංශය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අධ්‍යක්ෂකවරුන්ට සිව්දෙනාගේ නම් හා බැංකු ගිණුම්වලට අදාළ විස්තර වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය කරුණු දක්වමින් සඳහන් කළේ මෙම සමාගම වල්ලපට්ටා පැළයක් සඳහා රුපියල් 30000ක ආයෝජන මුදලක් තැන්පත්කරුවන්ගෙන් භාරගෙන ඇති බවයි.

මේ අනුව දැනට සිදු කර ඇති විමර්ශන ප්‍රකාරව රුපියල් කෝටි 150කට අධික මුදලක් වංචා කර ඇති බවත්,ශ්‍රී ලංකා මහ බැංකුවේ නීත්‍යානුකූල අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් පිරමීඩාකාරයෙන් ජනතා මුදල් භාරගෙන මුදල් විශුද්ධිකරණයට එරෙහිව මෙම විමර්ශනය සිදු කරන බවත් සඳහන් කළා.

වීරතුංග ආරච්චිගේ ප්‍රීති ද කොස්තා නමැති අය ඉදිරිපත් කළ මුල් පැමිණිල්ල ප්‍රකාරව තවදුරටත් විමර්ශන සිදු කරන බවත්,විමර්ශන ප්‍රගතිය ප්‍රකාරව ඉදිරියේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21