වරෙන්තු 46ක් නිකුත් වී තිබූ කතක් පොලිස් අත්අඩංගුවට

වරෙන්තු 46ක් නිකුත් වී තිබූ සැකකාරියක් මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාරිය 39 හැවිරිදි වියේ පසුවන කඩවත, සූරියගම ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් බවයි පොලිසිය සඳහන් කළේ.

ආහාර ද්‍රව්‍යක් ඇසුරුම් කිරීම සම්බන්ධයෙන් මුදල් වංචාවකට අදාළව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු 46ක් සැකකාරියට නිකුත් කර තිබුණා.

මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?