වරින් වර පාසැල් දැරියකට කල අමන වැඩේ

පාසල් ශිෂ්‍යාවක් ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාවකට ලක්වූ පුද්ගලයකු  ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමක් සම්බන්ධයෙන් පින්නවල පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

බළන්ගොඩ, පින්නවල, විවාහක පුද්ගලයකු මෙසේ මියගොස් ඇති බව හඳුනාගෙන තිබෙනවා.

වයස අවුරුදු 17 ක් වන  පාසල් දැරියට කීප විටක්ම බිය ගන්වා ලිංගික අතවර කළ බවට තොරතුරු ලැබී ඇති අතර මේ පිළිබඳව දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යද්දී පොලිසිය මගහැර ගොස් කැලෑ ප්‍රදේශයකදී ගෙල වැලලාගෙන ඇති බවයි සඳහන් වන්නේ. මෙම ස්ථානයේ නිරීක්‍ෂණය සඳහා බළන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා ඊයේ (18 දා) යාමට නියමිතවතිබුනා. පින්නවල පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. එස්. පී. අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදු කරන අතර මේ වනවිට අතවරයට ලක්වූ පාසල් සිසුවිය බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?